අපි හැමදෙනාම දන්න කරුණක් තමා වින්ඩෝස් 10 පරිගණක මෙහෙයුම් පද්ධතිය පසුගියි 2015 ජූලි මස 29 වන දින නිකුත් වුනා. ඉතින් මේ වන විට මිලියන 200 කට වැඩි පිරිසක් අද වන විට මෙම මෙහෙයුම් පද්ධතිය භාවිත කරනවා. ඒ අතරේ මයික්‍රොසොෆ්ට් සමාගම ජූලි 29 වන දින සිට මෙම මෙහෙයුම් පද්ධතිය භාවිත කරන්නන්ගේ තොරතුරු රැස් කර තිබෙනවා.
ඉතින් මේ සඳහා විශාල සංවාද අද වන විට ඇති වී තිබෙනවා. ඒ වින්ඩෝස් 10 පරිශීලකයන් ගේ තොරතුරු, දත්ත ආරක්ෂිතද යන්නයි. නමුත් මයික්‍රෝසොෆ්ට් හී ප්‍රධාන විධායක නිළධාරි වන සත්‍යා නඩෙල්ලා පවසන ආකරයට ඔවුන් මේ කර තිබෙන්නේ ඔවුන්ගේ නිෂ්පාදන තවත් පුළුල් කිරීමට ඇති ව්‍යාපෘතියක් ලෙසයි.
ඉතින් ඔබ සිතනවා ඇති මේ වින්ඩෝස් 10 හී ඔබට ආරක්ෂාවක් ඇතිද යන්නයි. නමුත් මයික්‍රෝසොෆ්ට් සමාගම එය ප්‍රතික්ෂේප කරමින් කියන්නේ ඔබ කැමතිනම් ඔබට හැකියි feedback option හී basic යන්න තෝරා ඔවුන්ට ලැබෙන තොරතුරු නැවැත්වීමට හැකි බවයි.
--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
ඔබට හැකියි අපගේ ෆෝරමය හරහා ඔබට ඇති තාක්ෂණික ගැටළු ඉදිරිපත් කිරීමට. අප විසින් හෝ වෙනත් අයෙකු විසින් ඔබට ඒ සඳහා පිළිතුරු ලැබේවී. මෙන්න මෙතනින් ගොස් දැන්ම ලියාපදිංචි වන්න.
සැ.යු:ලියාපදිංචි වී පලවෙනි ගැටලු/ සාකච්ඡා අරඹන 10 දෙනෙකුට ෆෝරමයේ ඔබගේ දැන්වීම් ප්‍රචාරණයට අවස්ථාව ලබා දෙනු ලැබේ.
0 on: "වින්ඩෝස් 10 අපගේ තොරතුරු රැස්කරයි?"