ගොඩක් අය භාවිතා කරන්නේ ක්‍රැක් දාගෙන වැඩ කරන Internet Download Manager වැඩසටහන නේ. ඉතින් ඒකම පාවිච්චි කරලා දැන් එපා වෙලා ඇති. නමුත් අපි ඔබට හදුන්වා දෙනවා ටිකක් වෙනස් ඩව්න්ලෝඩ් මැනේජර් එකක්. IDM මෘදුකාංගයට වඩා වැඩි කාර්යක්ෂමතාවක් ඇති මෙය ඉතාමත් වැඩදායි මෘදුකාංගයක්.
ඉතාමත් වේගයෙන් ෆයිල් බාගත හැකි මෙහි විශාල පහසුකම් රැසක් තිබෙනවා. මෙය සාමාන්‍ය බාගත කිරීමකට වඩා 6 ගුණයක් වේගවත්. ඒ වගේම බාගන්න අවස්ථාවක අන්තර්ජාල සම්බන්ධතාවය නැති ව ගියත් එය නැවත නිවැරදි වූ පසු පහසුවෙන් බාගත් තැනේ සිට බාගැනීමට හැකියාවද ලබා දී තිබෙනවා.
ඔබට දැන් විඩීයෝ HD ආකරයට ඕනෑම වෙබ් අඩවියකින් බා ගත හැකියි. එය විශේශ පහසු කමක් වේවී ඔබට. ඒ වාගේම Audio ත් ඔබට එසේම බා ගත හැකියි,
මෙහි ඇති විශේශම දෙයක් වනුයේ ආරක්ෂාවයි. ඔබ නරක වැඩසටහනක් බාගන්නවා කියා සිතන්න වයිරස් පිරුණු වැඩසටහනක් බාගන්නවා කියා සිතන්න. එවිට මේ හරහා දැනුම් දීමක් කර එය ඉවත් කර දමනවා. මෙමගින් ඔබ බාන සෑම දෙයක් ම ආරක්ෂිතව බා ගැනීමේ අවස්ථාව හිමි වෙනවා.
ඒ වාගේම හොද අතුරුමුහුනතක් මෙමගින් ලගා දෙනවා. IDM වල ඉන්ටර්ෆේස් එක දැකලම ඇති වෙලා ඇති.
මෙවැනි වැදගත් කම් රාශියක් ඇති මෙය ඔබ බා ගන්නවා නොඅනුමානයි. ඉතින් පහළින් බා ගන්න.

0 on: "IDM නැතුව වේගයෙන් ෆයිල් බාන EagleGet"