බ්ලොග් කියන්නේ මොනාද? බ්ලොග් හදන්නෙ කොහොමද? මුදල් උපයන්න පුලුවන්ද? ඔය වගේ ප්‍රෂ්ණ ගොඩක් තියෙන අය ගොඩක් ඉන්නවානේ. මෙන්න මේ පාඩම් මාලව හරහා අපිට අපේම් කියලා බ්ලොග් එකක් හදා ගන්න පුලුවන්.
මේ තමා පලවෙනි පාඩම. මුල සිට අවසන් පාඩම දක්වාම කියවන්න.
හරි බ්ලොග් හදන්නේ ප්ලැට්ෆෝර්ම් වර්ග බාවිත කරනවා. ප්‍රධාන වශයෙන් ප්ලැට්ෆෝර්ම් වර්ග 2ක් තියෙනවා.
1.බ්ලොගර්- (Blogger.com)
2.වර්ඩ්ප්‍රෙස්- (WordPress)
අපිනම් අනුමත කරන්නේ බ්ලොගර් ප්ලැට්ෆෝර්ම් එකයි. ඒ මොකද මෙහි වාසි වැඩියි. හැමතිස්සෙම තෝරගන්න අවශ්‍ය වන්නේ. වාසි වැඩි පැත්තයි. බ්ලොගර් එකේ වාසි වැඩියි.
ඔයාලා දැනටමත් වර්ඩ්ප්‍රෙස් තෝරගන තියේනම් ඉතිරි ටික කියවීමෙන් ඵලක් නෑ. වර්ඩ්ප්‍රෙස් වලට කැමති වුනාට ඒකට විශාල ලෙස වියදම් කරන්න ඕනා. බ්ලොග්ර් වලට එහෙම අවශ්‍ය නෑ.
මුලින්ම් කියන්න ඕනා මුදල් ඉපයීම පළමු පරමාර්ථය කරගෙන් පලවෙනි මාස 6-7 වැඩ කරොත් ඔයාගේ සාර්ථකත්වය ඉක්මන් වීම ප්‍රමාද වෙනවා. ඒ නිසා කැපවීම වැඩියෙන් දීලා පලවෙනි මාස 6- 7 වැඩ කරොත් ඔයාලට විශාල ලෙස සාර්ථක වෙන්න පුලුවන්.
හොඳයි, ලොකු හැදින්වීමකින් පස්සේ වැඩේට බහිමු. - මේ කොටසේ තියෙන්නේ.බ්ලොග් එක බ්ලොගර් එකෙන් නිවැරදිව හදාගැනීමයි. ලොකු හැදින්වීමක් දුන්නා නේ. ඉතින් ඉතිරි ටික පොඩ්ඩයි කියන්නේ. මොකද ලිපිය දිග වෙනවාන නේ.
1.ප්‍රථමයෙන් ම blogger.com එකට යන්න.
2.ඔයාල ඔයාලගෙ ඊමේල්, පාස්වර්ඩ් ගහලා ලොග් වෙන්න.
3.දැන් New Blog කියලා එකක් ඇති ඒකට් යන්න.
4.ඉතින් දැන Title කියන එකට ඔයාගේ බ්ලොග් එකෙ නම දෙන්න , Address කියන එකට ඔයාලට කැමති ඔයාදාන්න හිටපු ඇඩ්‍රස් එක දාන්න. Sorry, this blog
address is not available. ඔය විදියට වැටුනොත්
ඔයා දාපු නම තව කවුරුහරි භාවිත කරනවා. ඉතින්
හොදට හිතලා නමක් දන්න. නම හැබැයි ඕනම
වෙලාවක වෙනස් කරන්න පුලුවන්.. හොඳ නමක්
ඔයාම හොයා ගන්න.
5.Create Blog! කියන එකෙන් ඔබගේ බ්ලොග් එක නිර්මාණය කරගන්න.( ටෙම්ප්ලේට් එක් ගෙන් ගොඩක් හිතන්න එපා මොකද ඊලඟට එන් පාඩම් වලින් ඔයාලට සුපිරි ටෙම්ප්ලේට් එකක් හොයා ගන්න් පුලුවන්.)
හොදයි, ඔය ටික තමා පලවෙනියෙන් කියන්න ඕන වෙලා තිබ්බේ. ඔය ටික කරගන්න දන්න අයත් ඇති... ආයෙ ඉතින් කියලා දෙන්න දෙයක් නෙවෙයි මේක. නමුත් මේ ක්ෂේත්‍රයට නවකයන්ට තමා මේ ටික කියල දුන්නේ.
මේ විදියට ලේසියට පටන් ගත්තට තව ගොඩක් වැඩ කරන්න තියෙනවා. ඒ ඔක්කොම ඉස්සරහට බලමු.
මීලඟ පාඩමෙන් අපි බලමු, හොඳ ටෙම්ප්ලේට් එකක් දාගැනීම සහා අලුත් පෝස්ට් එකක් නිවැරදි ආකරයට ලිවීමයි. තව අලුත් ට්‍රික්ස් ටිකකුත් කියලා දෙන්නම් කෝ.
පලවෙනි පාඩම් අවසන්! දෙවෙනි පාඩමෙන් හම් වෙමු!
0 on: "නියම ආකාරයට බ්ලොග් එකක් හදමු - මුදල් උපයමු.(01)"