අද නම් අරගෙන ආවෙ ගොඩක් ගොඩක් අය දැන ගැනීමට කැමති දෙයක් පිළිබඳවයි.. ඒක මම ආයේ අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නේ.. ඔය කාන්තාවන්ට මායම් 64 ක් තියනවා කියනවා නේ...
ඔය පිරිමින්ටත් තියනවාලුනේ 128 ක්.. ඔහේ පලයන් කිව්වලු..
එහෙනම් කියවලාම බලන්නකෝ 64 ම,
- නුවන'ග බැලීම
- නෙත් කැරකවීම
- දෙනෙත් පියවීම
- දෙනුවන් හරවා බැලීම
- නෙත් අඩක් වසා බැලීම
- විටින් විට බැලීම
- නෙත මුලුමනින්ම වැසීම
- ඉවත බලා සිටීම
- නාසය හකුලා ගැනීම
- සුසුම් ලෑම
- යමක් සිප ගැනීම
- මුවගින් සිනාසීම
- කොක් හඬලා සිනාසීම
- තොල් පිටපෙරලා සිනාසීම
- තොලින් තොල පටලැවීම
- දිව නැටවීම
- දිව දික් කිරීම
- දිව විකා පෙන්වීම
- බොරු කැස්ස
- පැළඳි ආභරණ ඇල්ලීම
- ඇඳීවත ලිහා යළි ඇඳීම
- කෑරීම
- සුරත වැනීම
- අත කැසීම
- පා කැසීම
- බඩ අත ගෑම
- දෑත් බැඳගෙන සිටීම
- ළයෙහි අත තැබීම
- පයෙන් පය ගැටීම
- පයින් බිම ඉරි ඇඳීම
- දෙපා බරකොට ගස්සා යාම
- අග පසඟ පෙනෙන සේ සිටීම
- අග පසඟ පෙනෙන සේ ඉඳීම
- අවයව පෙනෙන සේ නිදා ගැනීම
- අවේලාවේ නිදා ගැනීම
- කතා නොකර සිටීම
- දොරකඩ රැක සිටීම
- කරබා ගෙන සිටීම
- පා විහිදා ගෙන සිටීම
- උඩ බලා ගෙන සිටීම
- උරහිස නැටවීම
- දුව ගොස් ගෙට බැඳීම
- දොර කවුළු ඇතුළින් බැලීම
- බොළඳ බවකින් කතා කිරීම
- මදක් නැවී බැලීම
- පෙකණි පෙන්වීම
- පියයුරු නෙරා එනසේ බැඳීම
- වරලස මුදා යෑම
- ඉඟටිය පද්ද නැටවීම
- පියයුරු නැටවීම
- බොරු ඈණුම් ඇරීම
- ඇඳීවත කොනක් අල්ලා යාම
- මහ මඟ යමින් ආපසු ඇරී බැලීම
- දරුවන් සමඟ බොරුවට සුරතල් කිරීම
- කෝපයෙන් මෙන් කතා කිරීම
- හඬ නගා සිනාසීම
- පිරිමීන්ගේ ගුණ කීම
- පිරිමීන්ගේ අගුණ කීම
- කවට බස් දෙසීම
- බොරු නෑකම් කීම
- බොරු බියගුලු බවක් පෑම
- විසිතුරු දෙයට කුහුලක් පෑම
- බුලත් වැනි දේ කෑමට ඇති ගිජුකම
- ක්ලාන්ත ගතියක් පෑම
ඔය උඩ තියන මායම් 64න් 5ක් 6ක්ම දැමීමට සුදුසු ඒවා නෙමේ. එහෙත් අපි ඒවා දැම්මේ ඔබගේ දැනුමට මෙන්ම ඒවා 1ක් හෝ අඩු කළහ්හොත් මායම් 64 සම්පූර්ණ නොවන නිසාය..
0 on: "කාන්තාවන්ගේ හැටහතර මායම්.."