Hacker Groups ගැන ඉගෙනගනිමු..
ඉතින් ගොඩ කාලෙකට පස්සේ මේ ලිපිය ලියන්නේ. කලින් ලිපිය අන්තිමේට අපි කිව්වනේ Hacker Groups ගැන කියනවා කියලා, ඔන්න අද අරගෙන ආවා..
අපි පළමු ලිපියෙන් Hacking ගැන කියලා දුන්නානේ, ඒක බැලුවේ නැත්නම් මෙතනින් යන්න. අපි දෙවන ලිපියෙන් Hackerslලා ගැන කියලා දුන්නානේ, ඒක බැලුවේ නැත්නම් මෙතනින් යන්න..
එහෙනම් අද පාඩම ගැන කතා කරමු..
අපි අද පාඩමෙන් ප්‍රධානවමAnonymous Hacker Group එක ගැන කතා කරනවා..
ඊට අමතරව Lulz Sec Hacker Group එක ගැන කතා කරනවා..
Anonymous Hacker Group
මෙහි දැක්වෙන්නේ Anonymous Hacker Group එකේ Logo එකයි.
මෙම Logo එකෙහි "හිස නැති මිනිසා" (man without a head)
ගෙන් නිර්නාමික බව (anonymity) හා
සංවිධානයට නායකත්වය (leaderless organization)
නිරූපණය කරයි..
මොකක්ද මේ Anonymousලා පළඳින වෙස් මුහුණ...
බටහිර සම්ප්රදායක් තියනවා තමන්ගේ අනන්‍යතාව නොපෙන්වා යම් වැඩකට එක් වෙන වේලාවේ දී සියලු දෙනාම එකම වෙස් මුහුණක් පැළඳිම.. ඒ අවස්ථාවේ දී බොහෝදෙනා පළඳින්නේ 16 වෙනි සියවසේදී එංගලන්තයේ ප්‍රොතෙස්තන්ත ප්‍රතිසංස්කරණවලට එරෙහිව සටන් වැදුණු රණශූරයකු වූ ගයිඩෝ ෆෝකීස්ගේ වෙස් මුහුණයි.
එසේම web site වල පෙන්වන Anonymous video වල සිටින hackersලා ද මේ ගයිඩෝ ෆෝකීස්ගේ වෙස් මුහුණ පැළඳ ගෙන සිටියි..
තවද Anonymous hackersලා ගයිඩෝ ෆෝකීස් වෙස් මුහුණේ clip art එක නිතරම භාවිතා කරයි..
Anonymous Hackersලා ලොව පුරා විසිරී සිටිනවා යැයි විශ්වාස කරයි. ඔවුන් තමන් හඳුන්වාගනු ලබන්නේ ඉන්ටර්නෙට් එකතුවක් (internet gathering) කියාය.
Anonymous Hackersලා මුලින්ම කරළියට පැමිණියේ 2010 දෙසැම්බර් මාසයේදී ය..
මොවුන් Anonymous යන නමින් වැඩ ආරම්භ කළේ, wikileaks website එක නොයෙක් ආණ්ඩු සමඟ තිබූ ඇමෙරිකානු රහස් වැඩ එළිදරව් කලාට පසු, master card, visa සහ paypal යන ආයතන wikileaks website එකට සපයන සේවා නැවැත්වීය, එවිට මෙම websites වෙත මහා විශාල hacking ප්‍රහාරයක් එල්ල කලාට පසුවය.
Anonymous Hackersලා 2015 දී එල්ල කළ cyber attacks දැන ගැනීමට මෙතනින් යන්න
මෙහි දැක්වෙන්නේ Lulz Sec Hacker Group එකේ Logo එකයි.
මොවුන්ගේ ආදර්ශ පාඨය
The world's leaders in high-quality entertainment at your expense , Laughing at your security since 2011
Lulz Sec යනු ද Anonymous වැනිම Hacker Group එකකි.
එහි ප්‍රධානියෙක්වත්, වගකියන්නෙක්වත් නැත.
මොවුන් ඉන්නා බව මුලින්ම පෙනුණේ 2011 මැයි මාසයේදී ය. ඒ ඇමරිකාවේ ෆොක්ස් නිවුස් වෙබ් අඩවියට ප්‍රහාර එල්ල කිරීමත් සමඟය.
එයින් පසු Lulz Sec දිගින් දිගටම ඇමරිකානු ආයතන වෙත ප්‍රහාර එල්ල කරමින් සිටියි..
මෙම Hacker Group එක ගැන වැඩි විස්තර අවශ්‍ය නම් මෙතනින්
යන්න.
මෙතනින් අපේ Lesson ඔක්කෝම ටික අවසන් වෙනවා.. අපි හිතනවා අපි අරගෙන ආව Lesson 3න් ඔයාලා මොනවා හරි දෙයක් ඉගෙනගත්තා කියලා..
වැඩේ සුපිරි නම් comment එකක් දාලා fb & G+ pg වලටත් like 1ක් දාන්න..
මේවගේ ගොඩක් දේවල් දැනගන්න අප සමඟම රැඳී සිටින්න..